Terms & Conditions

  • Home
  • Terms and Conditions

uzozy creations ආයතනයේ විසින් සපයන සේවාවන් සම්බන්ධයෙන් පහත සඳහන් කොන්දේසි අදාල වන බව කරුණාවෙන් සලකන්න.

අප ආයතනයේ වෙළඳ නාමය සහ වෙළඳ සලකුණ මෙම වෙබ් අඩවියේ ඔබට දැකිය හැකි වෙළෙඳ නාමය සහ වෙළඳ සැලකුණ පමණක් වේ මෙම වෙළෙඳ සලකුණ හෝ මෙම වෙළඳ නාමය එනම් uzozy හෝ uzozy creations යන නාමය යටතේ පමණක් අප ආයතනයෙන් විසින් සපයනු ලබන සියලුම සේවාවන් සපයන බවත් එලෙස සපයන සේවාවන් සඳහා පමණක් අප ආයතනය වගකීම භාර ගන්නා බවත් කරුණාවෙන් දැනුම් දෙමු.

අප ආයතනය විසින් වෙබ් අඩවි නිර්මාණයේදී සහ අනෙකුත් සේවාවන් ලබා දීමේදී පාරිභෝගිකයාගේ පහසුව උදෙසා විවිධ පැකේජයන් වෙන්කර ඇත. ඒ අනුව ඔබට ගැලපෙන සහ පහසු පැකේජයන් තෝරාගැනීමේ අවස්ථාව අප ආයතනය විසින් සලසා ඇත්තේ මෙතෙක් අප ලබාදුන් සේවාවන්හි පාරිභෝගික ඉල්ලීම මත පදනම්වය. එබැවින් එසේ ඔබ තෝරාගන්නා පැකේජය යම් හේතුවක් නිසා ඔබගේ අවශ්‍යතාවය මත පදනම්ව වෙනත් එක් කිරීම් වලට භාජනය වූවොත් එහිදී එම පැකේජය ඔබ විසින් customize කරන ලද පැකේජයක් ලෙස සලකනු ලබන අතර එහිදී පැකේජ මිල ගනන් ඔබ ලබාගන්නා සේවාවන් මත පදනම්ව ඔබට පූර්ව දැනුම් දීමක් කිරීමෙන් අනතුරුව ඔබගේ කැමැත්ත මත වෙනස් වන බව කරුණාවෙන් සලකන්න. සියලුම පැකේජයන් සඳහා ලබාදී ඇති මිල ගණන් එම පැකේජයන් හි සඳහන් වන සේවා සඳහා පමණක් වන අතර යම් හේතුවකින් USD අගය වෙනස් වීම හෝ රජය විසින් පනවනු ලබන බදු හේතුවෙන් ඔබට ලබා දෙන්නාවූ සේවා සඳහා යම් බලපෑමක් ඇති වුවහොත් පමණක් පැකේජයන් හි සඳහන් මිල ගණන් වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න.

පාරිභෝගික ඉල්ලීම් මත අප ආයතනය විසින් බොහෝ පැකේජ සඳහා ගෙවීමේ ක්‍රමයට ඔබට සේවාව ලබාගැනීමේ හැකියාව ලබා දී ඇත. එලෙස ගෙවීමේ ක්‍රමයට ඔබ යම් පැකේජයක් තෝරා ගෙන එම සේවාව ලබා ගන්නේ නම් රුපියල් 50,000 දක්වා පැකේජ වලට මූලික ගෙවීම ලෙස රුපියල් 3000 ක මුදලකුත් රුපියල් 50,000 සිට ඉහලට ඇති සෑම පැකේජයක් සඳහාම මූලික ගෙවීම ලෙස රුපියල් 5000 ක මුදලකුත් ගෙවීම් කළ යුතුය ඊට අමතරව අදාල පැකේජයේ මුළු වටිනාකමෙන් 10% ක මුදලක් මූලික ගෙවීමට අමතරව සිදු කළ යුතුය. ඔහුට මෙම මූලික ගෙවීම සිදු කිරීමෙන් පසුව ඔබ තෝරාගත් පැකේජ් ඒ අනුව ඉතාමත් කෙටි කාලයක් තුළ ඔබගේ අවශ්‍යතාවය අනුව ඉහළම සේවාවක් ලබාදීමට අප ආයතනය හැකි උපරිමයෙන් කටයුතු කරන්නෙමු.

යම් හේතුවක් නිසා මූලික ගෙවීම් සිදුකර වෙබ් අඩවිය ඔබට ලබා දීමෙන් පසුව ඔබ සිදුකරන මාසික ගෙවීම් වලදී යම් අතපසුවීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව මාසයක නැවත ගෙවීමේ සහන කාලයක් ඔබට ලබාදෙන අතර එම කාලසීමාව තුළ ඔබ අදාල මාසික ගෙවීම සිදු කිරීමට අපොහොසත් වුවහොත් අදාල වෙබ් අඩවිය තාවකාලිකව ඉවත් කිරීමට අපට සිදුවනු ඇත. නමුත් එසේ තාවකාලිකව ඉවත් කිරීමෙන් පසුව තවත් මාස දෙකක කාලයක් තුළ ඔබ අදාළ නියමිත හිඟ වාරික ගෙවීම සිදු කළහොත් ඔබගේ වෙබ් අඩවිය නැවතත් ක්‍රියාත්මක කිරීමට අප වගකීමෙන් යුතුව එකඟ වන්නෙමු.

මාසික ගෙවීමේ ක්‍රමයට ලබා ගන්නා වෙබ් අඩවියක් ගෙවීම් වාරික අතරතුරදි පාරිභෝගික ඔබට මුළු මුදල ගෙවීමෙන් යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා වාරික වශයෙන් ගෙවීමේ දී සිදු කළ යුතු මුළු ගෙවීමෙන් යම් මුදලක් සහනයක් ලෙස ඉවත් කිරීමට අප ආයතනය බැඳී සිටී.

අප ආයතනයේ විසින් ලබාදෙන්නාවූ වෙබ් අඩවි සඳහා වාර්ෂික සේවා ගාස්තුව අදාල පැකේජය මත තීරණය වේ. පළමු වසර තුලදී සියලුම වෙබ් අඩවි සඳහා domain සහ hosting නොමිලේ ලබාදෙන අතර දෙවන වසරේ සිට ඒ සඳහා අයවිය යුතු මුදල අපගේ සේවා ගාස්තුව තුළ අන්තර්ගත වේ. නමුත් අනෙකුත් වෙබ් අඩවිය ලබාදෙන ආයතන හා සසඳා බැලීමේදී අප ආයතනයෙන් වාර්ෂික සේවා ගාස්තුව ඉතාමත් අවම මට්ටමක පවතින බව ඔබට දැකගත හැකිය. එම සේවා ගාස්තුව වාර්ෂිකව ගෙවීමේදී අදාල දිනට හෝ ඊට පෙර ඔබ ගෙවීම් සිදු කිරීමට අපොහොසත් වුවහොත් ඔබගේ වෙබ් අඩවිය තාවකාලිකව නැවැත්වීමට අපට සිදුවේ. එසේ වෙබ් අඩවිය තාවකාලිකව විසන්ධි කිරීමෙන් පසුව සතියක කාලයක් තුළ අදාල හිඟ මුදල ඔබ විසින් ගෙවීම් සිදුකළ හොත් ඔබගේ වෙබ් අඩවිය නැවත ක්‍රියාත්මක වනු ඇත.

අප ආයතනය විසින් මිලදී ගන්නා ලබන ඩොමේන් සඳහා වගකීම අප ආයතනයෙන් විසින් දරන අතර යම් හේතුවක් මත ඔබට ඒවා වෙනත් පාර්ශවයකට ලබා දීමට අවශ්‍ය වුවහොත් මිලදීගත් වසරේ සිට වසර දෙකක් පුරාවට අප ආයතනය එම ඩොමේන් නාමය අප වගකීම යටතේ පවත්වා ගන්නා ලබන හෙයින් වෙනත් පාර්ශවයකට හැරවීමේදී අදාල සේවාව ලබාදුන් ආයතනය නිර්දේශ කරන මුදල ඔබ විසින් දැරීමට සිදුවේ. නමුත් මුල් වසර දෙකෙන් පසුව ඔබට ඕනෑම අවස්ථාවක දී ඔබගේ domain එක තුන්වැනි පාර්ශ්වයකට හෝ වෙනත් පාර්ශවයකට ලබා දීමේ හැකියාව ඔබට ඇත. නමුත් කිසිදු අවස්ථාවක අප ආයතනය විසින් ලබාදෙන වෙබ් අඩවිවල හෝ මෘදුකාංග වල හෝ දෘඩාංගවල අයිතිය මුල් පිටපත් හෝ source code කිසිදු හේතුවක් මත කිසිදු අයුරකින් වෙනත් පාර්ශවයකට ලබාදීමට හෝ වෙනත් පාර්ශවයකට ඒවා පරිශීලනය කිරීමට ලබාදීමට අප ආයතනය බැඳී නොසිටියි.

අදාළ ගෙවීම් සිදු කරන විටදී අපගේ ආයතනයේ ගිණුමට හෝ අවස්ථාව අනුව ආයතන ප්‍රධානී තුමාගේ පෞද්ගලික ගිණුමෙන් පමණක් සියලු ගෙවීම් ඔබ විසින් සිදු කළ යුතුය. ඒ සඳහා ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඔබ විසින් ගෙවීම් සිදු කළ රිසිට් පතෙහි ඡායා පිටපතක් පැහැදිලිව පෙනෙන අයුරින් අපට ඊමේල් හෝ වයිබර් හෝ whatsapp මැසෙන්ජර් භාවිතයෙන් ලබාදීම සිදුකළ යුතුය. එසේ සිදු කරන සියලු ගෙවීම් සඳහා අප ආයතනය නියමිත සේවාව ලබාදීමට වගකීමෙන් යුතුව බැඳී සිටින්නෙමු. යම් හේතුවක් නිසා ඔබ විසින් POS System සඳහා ලබාදෙන දෘඩාංග නිසි ප්‍රමිතියකින් තොරව භාවිතා කිරීමකින් , අකුණු නිසා සිදුවන හානි වලට, බිම වැටීමෙන් හානි වීමකට ආදී සාමාන්‍යයෙන් විදුලි උපකරණයකට ආයතනයකින් ලබා දෙන වගකීම වලංගු නොවන සියළු අවස්ථාවන්හිදී එම දෘඩාංගවල වගකීම ඉවත්වන බව කරුණාවෙන් සලකන්න. එමෙන්ම වගකීම් කාලය ඇතුලත යම් හේතුවක් නිසා ඒ සම්බන්ධයෙන් අපගේ සේවාව අවශ්‍ය වූ අවස්ථාවක ඔබ ආයතනයේ දී හෝ metropolitan ආයතනයකදී එම අදාල සේවාව ලබාදීමට අප ආයතනය කටයුතු කරයි.

අප ආයතනය වසරේ විවිධ කාලවලදී විවිධ අන්දමේ වට්ටම් ලබා දීම සිදු කරනු ලබන අතර එලෙස වට්ටම් ලබා දීමේදී අපගේ නිල ෆේස්බුක් පිටුවේ සහ වෙබ් අඩවියේ පමණක් ඒ පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරනු ඇත. නමුත් කිසිදු අවස්ථාවකදී වට්ටම් ලබා දෙන පැකේජ සඳහා ගෙවීමේ ක්‍රමයට සේවාව ලබා ගැනීමේ අවස්ථාවක් නැත.

ඔබ ලබාගන්නා වෙබ් අඩවිවල හෝ මෘදුකාංගවල හෝ වෙනත් සේවාවන්හි යාවත්කාලීන කිරීමක් අන්තර්ගතයේ වෙනස් කිරීමක් හෝ ඔබට අවශ්‍ය වෙනත් වෙනස් කිරීමකදී දාල අවශ්‍යතාවය ස්වභාවය අනුව ඒ සඳහා සේවා ගාස්තු අයවීමක් සිදුවේ. නමුත් අප ආයතනය අදාල සේවාව ලබා දීමේදී පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය නොමිලේ කරදීමට හැකි අවස්ථාවකදී ඒ සඳහා මුදල් අය නොකිරීමට අප ආයතනය හැකි සැම විටම උත්සහ ගන්නෙමු.

බුද්ධිමය දේපල සොරකම් කිරීමට හෝ අසභ්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීමට හෝ රටට හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන වෙබ් අඩවි නිර්මාණය කිරීමේ දී හෝ එ ආදී වූ පාරිභෝගික අවශ්‍යතාවයන් හිදී මුදලට වඩා සේවාවේ ඇති වටිනාකම හඳුනාගත් රජයේ ලියාපදිංචි වගකීමක් ඇති ආයතනයක් ලෙස අපගේ සේවාව කිසිදු අයුරකින් ලබානොදීමට අප කටයුතු කරනු ඇත.

Why Choose Us

Best Packeges

There are Fixed and Customizable packages for your choice.

Competitive Prices

Because we have claimed responsibility with the minimum service charges

Responsive Designing

Since we claim responsibility, we design mobile responsive websites suitable for the present.

Easy to Upgrade

when you are using any of our package, you can easly move to our any other package any time.

Your Own Site

Because you give a admin panel to make changes to the site according to your preferences (wp or non wp)

Free Services & Security

acording to packages we provice some services such as photoshoot, Logo designing etc FREE, and we promise to protect your any kind of sensitive data.